ගීතාවලිය 131

131
ගීතාවලිය 131
ආරෝහණ ගීයකි. දාවිත්ගෙනි.
1මගේ හදවත උඩඟු නැත, අහෝ ස්වාමින්වහන්ස,
මගේ නෙත් උදාරම් නැත;
මහ ලොකු කටයුතු ගැනත්, මට අත පෙවිය නො හැකි බැරෑරුම් දෑ ගැනත්,
මා මැදිවන්නේ නැත.
2මවකගේ උකුළේ සිටිනා කිරි වැරූ දරුවකු මෙන් මම, මා සන්සුන් කර,
නිශ්චල කර ගෙන සිටිමි;
මා තුළ මගේ ජීවය එබඳු දරුවකු වැන්න.
3එම්බා ඉශ්‍රායෙල්, දැනුත්, සදහටත්
ස්වාමින්වහන්සේ තුළ බලාපොරොත්තු තබන්න.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 131: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න