ගීතාවලිය 129:1-8

ගීතාවලිය 129:1-8 SCV

“මගේ යොවුන් වියේ පටන් ඔවුහු මට අපමණවත් පීඩා කළෝ ය” ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා– “මගේ යොවුන් වියේ පටන් ඔවුන් මට අපමණවත් පීඩා කළෝ ය; එනමුත් මගෙන් ජය ගන්නට ඔවුන්ට හැකි නො වී ය. හී හාන්නෝ තම හීවිටි දිගු කරමින්, මගේ පිට දිගට හෑවෝ ය. එහෙත් ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ ය; උන්වහන්සේ දුෂ්ටයන්ගේ බැඳුම් කපා දැමූ සේක.” සියොන් පුරයට වෛර වන සියල්ලෝ ලජ්ජාවට පත් කරනු ලැබ, පසු පසට හැරෙත්වා! ඔවුන්, වැවෙන්නටත් කලින් වියළී යන ගෙපියසි උඩ හටගන්නා තණකොළ මෙන් වෙත්වා; අස්වනු නෙළන්නා ඊට තම අත දිගු කරන්නේ නැත; මිටි බඳින්නා, ඒවා බැඳ, එකතු කරන්නේ ද නැත. එතැන පසු කර යන කිසිවකුත්, “ස්වාමින්වහන්සේගේ ආශිර්වාද ඔබ පිට වේවා; ස්වාමින්වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු” යි කියන්නේ නැත.

ගීතාවලිය 129:1-8 සඳහා වීඩියෝව