ගීතාවලිය 127

127
ගීතාවලිය 127
ආරෝහණ ගීයකි. සාලමොන්ගෙනි.
1 ස්වාමින්වහන්සේ නිවස ගොඩ නගන්නේ නැති නම්,
එය ගොඩ නගන්නන්ගේ වෙහෙස නිෂ්ඵල ය.
ස්වාමින්වහන්සේ පුරවරය රැක බලා ගන්නේ නැති නම්,
මුරකරුවාගේ මුර කිරීම නිෂ්ඵල ය.
2උදෙන් ම නැගිට, මහ රෑ වන තුරු වැඩ කරමින්,
අහර සපයා ගැනීමට වෙහෙසවීමත් නිෂ්ඵල ය.
මන්ද තමන්වහන්සේට ප්‍රේම කරන්නන්ට,
උන්වහන්සේ නින්ද ලබා දෙන සේක.
3දරුවන්, සැබවින් ම ස්වාමින්වහන්සේගෙන් ලැබෙන උරුමයකි;
කුසේ පලය උන්වහන්සේගෙන් ලැබෙන ත්‍යාගයකි.
4කෙනකුගේ යෞවනයේදී බිහිවන දරුවන්,
රණවිරුවකු අතැති හී ගස් වැන්න.
5එයින් පිරුණු කොපුව ඇති මිනිසා
භාග්‍යවතෙකි;
පුර දොරටු ජනහමුවේදී තම සතුරන් හා වන විවාදයේදී
ඔවුන් ලජ්ජාවට පත් නො වේ.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 127: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න