ගීතාවලිය 125:1-5

ගීතාවලිය 125:1-5 SCV

ස්වාමින්වහන්සේතුළ විශ්වාසය තබන්නෝ, සියොන් කන්ද වැනි ය; එය සොලවන්නට බැරි ය; එය සදහට ම පවතී. කඳු, යෙරුසලම වට කොට සිටින්නාක් මෙන් ස්වාමින්වහන්සේ මෙතැන් පටන් ඉදිරියට, සදහට ම තම ජනයා වට කොට සිටින සේක. ධර්මිෂ්ඨයින් නපුරුකම් කිරීමට ඔවුන්ගේ අත් දිගු නො කරන පිණිස, ධර්මිෂ්ඨයිනට බෙදා වෙන් කර දී ඇති දේශය පිට දුෂ්ටයින්ගේ ආධිපත්‍යය නො රඳන්නේ ය. යහපතක් ම කළ මැනව, අහෝ ස්වාමින්වහන්ස, සුදනන් හට, හදවතේ ඍජු ගති ඇත්තවුන් හට. එහෙත්, වංචනික මාර්ගවලට හැරුනවුන් දුෂ්ටකම් කරන්නන් සමඟ පලවා හැරීමට ස්වාමින්වහන්සේ සලස්වන සේක.

ගීතාවලිය 125:1-5 සඳහා වීඩියෝව

ගීතාවලිය 125:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය