ගීතාවලිය 123

123
ගීතාවලිය 123
ආරෝහණ ගීයකි.
1අහෝ ඔබට ය, ඔබ දෙස ය, මම නෙත් ඔසවා බලා සිටින්නේ,
ස්වර්ගයේ සිහසුන් දරනා තැනැන්වහන්ස.
2මෙන්න! සේවකයකුගේ ඇස් තම ස්වාමියාගේ අත දෙස බලා සිටින්නා සේ,
සේවිකාවකගේ ඇස් තම ස්වාමි දූගේ අත දෙස බලා සිටින්නා සේ,
අපගේ ඇස් අපගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ දෙස බලා සිටින්නේ
උන්වහන්සේ අප පිට දයාව පානා තෙක් ය.
3අපට දයා වුව මැනව අහෝ ස්වාමින්වහන්ස, අපට දයා වුව මැනව.
මන්ද අප පමණටත් වඩා අවඥාවට ලක් ව ඇති බැවිනි.
4අහංකාරීන් වෙතින්,
අවඥා සහගත උඩඟුවූවන් වෙතින්
අප පමණටත් වඩා සමච්චල් විඳ ඇත්තෙමු.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 123: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න