ගීතාවලිය 121

121
ගීතාවලිය 121
ආරෝහණ ගීයකි.
1කඳු දෙසට මම මගේ දෑස ඔසවන්නෙමි;
මට පිහිට ලැබෙන්නේ කොහේ සිට ද?
2මගේ පිහිට ලැබෙන්නේ,
අහසත්, පොළොවත් මැවූ ස්වාමින්වහන්සේගෙනි.
3ඔබ රක්නා තැනැන්වහන්සේ නො නිදන සේක්,
ඔබගේ පාද ලිස්සන්නට ඉඩ නො දෙන සේක;
4ඔන්න! ඉශ්‍රායෙල් රක්නා තැනැන්වහන්සේට නිදාගැනීමක් නැත;
නිදිබරවීමක් ද නැත.
5 ස්වාමින්වහන්සේ ඔබගේ රැකවලාණෝ ය;
ඔබගේ දකුණතේ ඔබගේ සෙවණ, ස්වාමින්වහන්සේ ය;
6දහවලේදී හිරු ඔබට පහර දෙන්නේ නැත;
රැයේදී සඳු ද එසේ ම ය.
7සියලු උපද්‍රවවලින් ස්වාමින්වහන්සේ ඔබ සුරකින සේක;
උන්වහන්සේ ඔබගේ ජීවිතය සුරකින සේක.
8ඔබගේ පිටත යෑම සහ ඔබගේ ඇතුළට ඒම ද
මෙතැන් පටන් සදහට ම ස්වාමින්වහන්සේ සුරකින සේක.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 121: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න