ගීතාවලිය 119:129-135
ගීතාවලිය 119:129-135 SCV
විස්මයජනක ය ඔබගේ පනත්, එබැවින් මගේ ජීවය ඒවා පිළිපදියි. ඔබගේ වචන එළිදරවු වීමෙන් ආලෝකය ලැබේ; සාමාන්‍ය වැසියාට එමඟින් වැටහීම ලැබේ. ඔබගේ ආඥාවලට දැඩි ව ආශා වන බැවින්, ඒ ගැන පිපාසයෙන්, මම මුව විවර කරමි. ඔබගේ නාමයට ප්‍රේම වන්නන්ට කවදත් ඔබ දයාවන ලෙසින්, මවෙත හැරී, මට ද දයා පෑ මැනව. මගේ පියවර, ඔබගේ පොරොන්දුවට අනුව ස්ථාවර කළ මැනව; කිසියම් අයුතුකමක් මා පාලනය නො කෙරේවා! මවිසින් ඔබේ ශික්ෂා, රක්ෂා කරන පිණිස, මිනිසුන්ගේ පීඩනයෙන් මා මුදා ගත මැනව. ඔබගේ සේවකයා පිට ඔබගේ මුහුණ බැබළුව මැනව; ඔබගේ නියෝග මට ඉගැන්නුව මැනව.

