ගීතාවලිය 119:113-128
ගීතාවලිය 119:113-128 SCV
දෙසිත් ඇත්තවුනට මම ද්වේෂ කරමි; එහෙත් ඔබගේ ව්‍යවස්ථාවට, මම ප්‍රේම කරමි. මගේ සැඟවුම් පොළ හා මගේ පලිහ ද ඔබ ම ය; ඔබගේ වචනය තුළ මම බලාපොරොත්තුව තබමි. මගේ දෙවියන්වහන්සේගේ ආඥා මවිසින් පිළිපදින පිණිස, දුෂ්ටකම් කරන්නෙනි, මවෙතින් ඉවත යව්. මා ජීවත් වන පිණිස, ඔබගේ පොරොන්දුව ලෙස මා උසුලාගත මැනව; මගේ බලාපොරොත්තුව ගැන ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනවි. මා සුරක්ෂිත වන පිණිස මා ඉසුලුව මැනව; එමඟින් නොකඩව ඔබගේ නියෝග සැලකිල්ලට ගනිමි. ඔබගේ නියෝගවලින් ඉවත් ව, මුළාව යන සියල්ලන් ඔබ ප්‍රතික්ෂේප කරන සේක; මන්ද ඔවුන්ගේ රැවටිලිකාරකම නිෂ්ඵල ය. පොළොවේ සියලු දුෂ්ටයින් රොඩු සේ ඔබ ඉවත දමන සේක; එබැවින් මම ඔබගේ පනත්වලට ප්‍රේම කරමි. මගේ මාංසය, ඔබට ඇති භයින් වෙවුලුම් කයි. ඔබගේ නියමයන්වලට දැඩි භයින් පසුවෙමි. මම යුතු දේ ද හරි දේ ද කළෙමි; මට පීඩාකරන්නවුන් අතට මා අත්හැර නො දමනු මැනව. ඔබගේ සේවකයාගේ ශුභ සිද්ධිය සහතික කළ මැනව; මට පීඩා කරන්නට අහංකාරීන්ට ඉඩ නුදුන මැනව. ඔබගේ ගැලවීම ගැන, දැහැමි පොරොන්දුව ඉටුවීම ගැන බලා සිටීමෙන් මගේ දෙනෙත් විඩාබර වෙයි. ඔබගේ සේවකයා ගැන ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුකූලව ක්‍රියා කළ මැනව; ඔබගේ නියෝග මට ඉගැන්නුව මැනව. මා ඔබගේ සේවකයා ය; ඔබගේ පනත් ඉගෙන ගන්නා පිණිස, මට පැහැදිලි වැටහීම දුන මැනව. ඔබගේ ව්‍යවස්ථාව කඩ වී ඇති බැවින්, ස්වාමින්වහන්සේට ක්‍රියා කරන්නට කාලයයි මේ. රනට වඩා, අමිශ්‍ර රනට වඩා, ඔබගේ ආඥාවලට මම ප්‍රේම කරන්නෙමි; එබැවින් ඔබගේ ශික්ෂා සියල්ල නිවැරදි යයි මම කල්පනාවට ගනිමි; වැරදි හැම මාර්ගයකට ම ද්වේෂ කරමි.









