ගීතාවලිය 118:21-26
ගීතාවලිය 118:21-26 SCV
මම ඔබට ස්තුති දෙන්නෙමි, මන්ද ඔබ මට උත්තර දුන් සේක; ඔබ මගේ ගැලවීම වූ සේක. ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත; මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි; අපගේ ඇස් හමුවේ එය ආශ්චර්යවත් ය. ස්වාමින්වහන්සේසෑදූ දවස මේ ය; එන්න, අපි මෙදවසේ ප්‍රීතිවමු; ප්‍රමෝද වමු. අහෝ ස්වාමින්වහන්ස, අප ගැලෙවුව මැනව; අහෝ ස්වාමින්වහන්ස, සඵලත්වය අපට දානය කළ මැනව. ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය; ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිට අපි ඔබට ආශිර්වාද කරන්නෙමු.

