ගීතාවලිය 118:1-6

ගීතාවලිය 118:1-6 SCV

ස්වාමින්වහන්සේට ස්තුති කරන්න, මන්ද, උන්වහන්සේ යහපත් ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ ය. ඉශ්‍රායෙල් මෙසේ කියත්වා: “උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.” ආරොන් වංශය මෙසේ කියත්වා: “උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.” ස්වාමින්වහන්සේට භය පක්ෂපාත ඇත්තෝ ද, “උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ යැ” යි කියත්වා! මගේ විපත්තියේදී ස්වාමින්වහන්සේට මම කන්නලව් කළෙමි; උන්වහන්සේ ඊට ප්‍රතිචාර දක්වමින්, නිදහස් තැනක මා තැබූ සේක. ස්වාමින්වහන්සේ මා සමඟ බැවින් මම බය නො වන්නෙමි; මිනිසා මට කුමක් කරන්න ද?