ගීතාවලිය 116:1-14

ගීතාවලිය 116:1-14 SCV

මම ස්වාමින්වහන්සේට ප්‍රේම කරමි; මන්ද උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක; දයාව ඉල්ලා කළ මගේ කන්නලව්ව ඇසූ සේක. උන්වහන්සේ මා දෙසට තම කන් යොමු කළ බැවින් දිවි ඇති තුරා මම උන්වහන්සේට යාච්ඤා කරන්නෙමි. මරණයේ රැහැන්, මා වෙළා ගත්තේ ය, මළවුන්ගේ ලොවේ සෝ-සන්තාපය, මා පිට පැටවිණ; විපත්තිය හා ශෝකය, මා යට කර ගති. එවිට මම ස්වාමින්වහන්සේගේ නාමයට හඬ ගැසීමි: “අහෝ ස්වාමින්වහන්ස, මා ගැලෙවුව මැනව!” ස්වාමින්වහන්සේ දයාන්විත ය; ධර්මිෂ්ඨ ය; අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ ය. ස්වාමින්වහන්සේ අව්‍යාජ සිතැත්තන් සුරකින සේක; මා දැඩි අසීරුතාවකට පත් අවස්ථාවේ, උන්වහන්සේ ඉන් මා ගැලවූ සේක. එම්බා මගේ ජීවය, යළිත් වරක් සැනසී සිටින්න; මන්ද ස්වාමින්වහන්සේ නුඹට ගුණවත් ය. මන්ද ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්සේ මගේ ජීවය මරණයෙන් ද මගේ ඇස් කඳුළින් ද මගේ පා පැකිළීමෙන් ද මිදූ සේක. ජීවතුන්ගේ දේශයේ මම, ස්වාමින්වහන්සේ ඉදිරියේ හැසිරෙන්නෙමි. “මා බෙහෙවින් පීඩාවට පත් වෙලා” යි කී විටදී පවා මම විශ්වාස කළෙමි. මා කලබල වූ අවස්ථාවේ, “මිනිසුන් කවුරුත් බොරුකරුවන් යැ” යි පැවසීමි. මට සලසා දුන් සියලු යහ දෑ උදෙසා මා, ස්වාමින්වහන්සේට දෙන්නේ මොනවා ද? මම ගැලවීමේ කුසලාන ඔසවන්නෙමි; ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කරන්නෙමි. උන්වහන්සේගේ මුළු ජනයා ඉදිරියේ ස්වාමින්වහන්සේට වූ බාර මම ඉටු කරන්නෙමි.

ගීතාවලිය 116:1-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය