ගීතාවලිය 115:2-8
ගීතාවලිය 115:2-8 SCV
“කෝ! කොහේ ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ” යි පිට ජාතීන් පවසන්නේ මන්ද? අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයේ ය; තමන්ට රිසි දේ උන්වහන්සේ කරන සේක. එහෙත් ඔවුන්ගේ දේවතා රූප රිදී හා රන් පිළිම ය; ඒවා මිනිසුන්ගේ අත්වල නිමැවුම් ය. ඒවාට කටවල් ඇත, එහෙත් කතා බැරි ය; ඇස් ඇත, එහෙත් පෙනෙන්නේ නැත. ඒවාට කන් ඇත, එහෙත් ඇහෙන්නේ නැත; නාසා ඇත, එහෙත් ගඳ-සුවඳ නො දැනේ. ඒවාට අත් ඇත, එහෙත් ඒවායින් කිසිවක් අල්ලන්නට බැරි ය; ඒවාට පා ඇත, එහෙත් ඇවිදින්නට නො හැක. උගුරින් යම් හඬක් නගන්නට ද ඔවුනට බැරි ය. ඒවා සාදන්නෝ ද ඔවුන් වගේ වෙති; ඒ පිළිම අදහන්නෝ ද ඒවා මෙන් වෙති.

