ගීතාවලිය 113

113
ගීතාවලිය 113
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
ස්වාමින්වහන්සේගේ සේවකයිනි, ප්‍රශංසා කරන්න;
ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්න.
2දැනුත්, මෙතැන් සිට සදහටත්
ස්වාමින්වහන්සේගේ නාමයට පැසසුම් අත් වේවා!
3හිරු නැගෙනා තැන් පටන්, හිරු බැස යන තැන් දක්වා
ස්වාමින්වහන්සේගේ නාමය, ප්‍රශංසා කටයුතු ය.
4 ස්වාමින්වහන්සේ සියලු ජාතීන්ට ඉහළින් ද
උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට ඉහළින් ද උසස් ව පැවත සිටී.
5අපේ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ හා සමාන අන් කවුරු ද?
උසස් ස්ථානයේ සිංහාසනාරූඪ ව සිටිනා තැනැන්වහන්සේ වන
6උන්වහන්සේ, අහස් හා පොළොව දෙස
නැඹුරු ව පහළ බලන සේක.
7දුප්පතා දූලියෙන් නැගිටුවන උන්වහන්සේ,
දිළින්දා අළු ගොඩෙන් ඔසවන්නේ,
8අධිපතීන් සමඟ,
ඔවුන්ගේ ජනයාගේ අධිපතීන් සමඟ ඔවුන් හිඳුවන පිණිස ය.
9උන්වහන්සේ වඳ ස්ත්‍රියට දරුවන්ගේ ප්‍රීතිමත් මවක් වන
නිවසක් සලසා දෙන සේක.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 113: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න