ගීතාවලිය 111:1-10

ගීතාවලිය 111:1-10 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. අවංක ලෙස ක්‍රියාකරන්නවුන්ගේ සභාවේදී, ඔවුන්ගේ එකමුතුවේදී, මගේ මුළු හදින් ස්වාමින්වහන්සේට මම ප්‍රශංසා කරන්නෙමි. ස්වාමින්වහන්සේගේ ක්‍රියා උදාර ය; ඒවා අගේ කරන සියල්ලෝ ඒවා මෙනෙහි කරති. උන්වහන්සේගේ ක්‍රියා ආනුභාසම්පන්න ය; ගරු ගාම්භීර ය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය, සදහට පවත්නේ ය. උන්වහන්සේ ස්වකීය ආශ්චර්යයන් මතක හිටින්නට සලසන සේක; ස්වාමින්වහන්සේ කරුණාන්විත ය; අනුකම්පා සහගත ය. තමන්වහන්සේට භය පක්ෂපාතවූවන්ට උන්වහන්සේ අහර සපයා දෙන සේක; උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදා සිහි කරන සේක. උන්වහන්සේ ස්වකීය ක්‍රියාවන්ගේ බලය තම ජනයාට පෙන්වූයේ, අන් ජාතීන් සතු ව තිබූ දේශ ඔවුනට උරුම කර දෙමිනි. උන්වහන්සේගේ අත්වලින් කළ කාර්යයන් විශ්වසනීය ය; සාධාරණය ය. උන්වහන්සේගේ ශික්ෂා වගකීමෙන් යුක්ත ය. සදහට ම ස්ථිර ව පවතින ලෙස ඒවා පනවා ඇත්තේ, විශ්වසනීයත්වයෙන් හා අවංකත්වයෙනි. උන්වහන්සේ ස්වකීය ජනයාට මිදීම සලසා දුන් සේක; උන්වහන්සේ ස්වකීය ගිවිසුම, සදාතනික ව ස්ථාපිත කළ සේක. උන්වහන්සේගේ නාමය ශුද්ධ ය. භයංකර ය. ස්වාමින්වහන්සේට භයවීම, ප්‍රඥාවේ පටන් ගැන්ම ය; ඒවා පිළිපදින්නන්ට හරි අවබෝධය ඇත. සදාතනික ප්‍රශංසාව හිමි උන්වහන්සේට ය.

ගීතාවලිය 111:1-10 සඳහා වීඩියෝව

ගීතාවලිය 111:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය