මගේ හද ස්ථිර ය, අහෝ දෙවියන්වහන්ස, මගේ මුළු හදින් ම මම ගී ගයන්නෙමි; සංගීත නගන්නෙමි. එම්බා වීණාවනි, මහා වීණාවනි, අවදි වන්න! මම හිමිදිරිය ද අවදි කරන්නෙමි. ජාතීන් අතරෙහි මම ඔබට ප්‍රශංසා කරන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස, ජනතාවන් අතරේ මම ඔබ ගැන ගීත ගයන්නෙමි. මන්ද ඔබගේ නොමියෙන මහා පෙම ස්වර්ගය දක්වා ම නැගෙන්නේ ය; ඔබගේ විශ්වාසවන්තභාවය අහස උසට ළඟා වන්නේ ය; අහස් කුසට වඩා උසස් වුව මැනව අහෝ දෙවියන්වහන්ස, ඔබගේ තේජෝ මහිමය මුළු පොළොවට ඉහළින් වේවා!
ගීතාවලිය 108 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 108:1-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ