ගීතාවලිය 107:4-9
ගීතාවලිය 107:4-9 SCV
ඇතැම්හු පදිංචියට සුදුසු නගරයක් සොයාගත නො හැකි ව කාන්තාර මුඩුබිම්හි මංමුළා ව ගියහ. ඔවුහු සාගින්නෙන් ද පිපාසයෙන් ද යුතු වූවෝ, ශක්තිය පිරිහී බෙලහීන ව සිටියෝ ය. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. ඔවුනට පදිංචියට සුදුසු නගරයක් වෙතට උන්වහන්සේ ඍජු මාර්ගයකින් ඔවුනට මග පෙන් වූ සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! මන්ද උන්වහන්සේ පිපාසිතවූවන් තෘප්තියට පමුණුවා, සාගිනි වූවන් යහ දෙයින් පුරවන සේක.

