ගීතාවලිය 107:33-43
ගීතාවලිය 107:33-43 SCV
උන්වහන්සේ ගංගා, නිරුදක කතරක් බවට පමුණු වන සේක; ජල උල්පත්, වියළි බිමක් බවට පමුණු වන සේක. උන්වහන්සේ සාර භූමිය, ලවණ මුඩු බිමක් කරන සේක; එසේ කරන්නේ, එහි විසූ ජනයාගේ දුෂ්ටකම් නිසා ය. නිරුදක කතර, දිය පොකුණු බවට හරවන සේක්; වියළි භූමිය, ජල උල්පත් තෝතැන්නක් බවට හරවන සේක. උන්වහන්සේ සාගිනි වූවන් එහි වාසයට කැඳවාගෙන එන සේක; ඔවුහු පදිංචියට එහි නුවරක් පිහිටුවා ගනිති. ඔවුහු කුඹුරු වපුරන්නෝ ය; මිදි වතු වවන්නෝ ය; සරු සාර අස්වැන්නක් නෙළාගන්නෝ ය. උන්වහන්සේ ඔවුනට ආශිර්වාද කරන සේක; ඔවුහු ගණනින් වැඩි වර්ධන වන්නාහ; ඔවුන්ගේ සත්ව සම්පත ද අඩු වන්නට උන්වහන්සේ ඉඩ නො දෙන සේක. මෙයින් පසු, පීඩනය ද විපත්තිය හා දුක් කරදර ද හේතුවෙන්, ගණනින් හීන වන්නට වන් ඔවුහු යටත් කරනු ද ලැබූහ. අධිපතීන් පිට අවඥාව වැගුරූ උන්වහන්සේ, ඔවුන් මග තොට නො දැන, මංමුළා ව යන්නට සැලසූ සේක. එහෙත් දුගීන් ඔවුන්ගේ දුක් හිරිහැරවලින් මුදා ලූ උන්වහන්සේ, ඔවුන්ගේ පවුල් බැටළු රංචු මෙන් බොහෝ වන්නට සැලසූ සේක. ධාර්මිකයෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නාහ; එහෙත් දුෂ්ට සියල්ලෝ කට පියා ගනිති. ප්‍රඥාවත්හු මේ දෑ සිතට ගෙන, ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය කල්පනා කරත්වා!

