ගීතාවලිය 107:23-31

ගීතාවලිය 107:23-31 SCV

ඇතැම්හු නැව්වලින් මුහුදු ගියහ; ඔවුහු මහ සමුදුරේ වෙළඳ ව්‍යාපාරිකයෝ ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ ක්‍රියා දුටුවෝ ය; සාගර ගැඹුරෙහි උන්වහන්සේගේ අසිරිමත් වැඩ දුටුවෝ ය. මන්ද උන්වහන්සේ අණ කරමින්, චණ්ඩ මාරුතය කැලඹූ කල, රළ රැළි ඉහළ පැන නැංගේ ය. එවිට නැව් ඉහළට අහසට විසි විණ; යළි පහළ ගැඹුරට පහත් විණ; එම උපද්‍රවයෙන් ඔවුන්ගේ ධෛර්යය දියවී ගියේ ය. ඔවුහු බීමත් මිනිසුන් මෙන් වැනි වැනී, ගාට ගාටා ගියෝ, කිසිවක් කර කියාගත නො හැකි තැනට පත් වූවෝ ය. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ චණ්ඩ මාරුතය, නිශ්චල කළ සේක; මුහුදු රළ පෙළ ද නිසල විණ. නිසලතාව ඇති වූ බැවින් ඔවුහු ප්‍රමෝදයට පත් වූහ; ඔවුන්ගේ අභිලාෂය වූ වරායට උන්වහන්සේ ඔවුන්ට මග පෙන් වූ සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා!

ගීතාවලිය 107:23-31 සඳහා වීඩියෝව

ගීතාවලිය 107:23-31 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය