ගීතාවලිය 106:6-13

ගීතාවලිය 106:6-13 SCV

අපේ පියවරුන් කළා සේ ම, අපිදු පව් කර ඇත්තෙමු; අපි වැරදි කළෙමු; නපුරු ලෙස ක්‍රියා කර ඇත්තෙමු. අපේ පියවරුන් ඊජිප්තුවේ සිටියදී, ඔබගේ හාස්කම් සිතට ගත්තේ නැත; ඔබගේ ඉමහත් නොමියෙන ප්‍රේමය, ඔවුන්ගේ මතකයේ නො විණි. මුහුද ළඟදී, රතු මුහුද ළඟදී ඔවුහු කැරලි ගැසූහ. එසේ වුව ද ස්වකීය පරාක්‍රමවත් බලය දක්වන පිණිස, ස්වකීය නාමයේ ගෞරවය උදෙසා උන්වහන්සේ ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ රතු මුහුදට තරවටු කළ සේක්, එය වියළුණේ ය; කාන්තාරය මැදින් යන්නා සේ උන්වහන්සේ මුහුදු ගැඹුර ඔස්සේ ඔවුන් ගෙන ගිය සේක. සතුරු අතින් උන්වහන්සේ ඔවුන් ගැලවූ සේක; එදිරිවාදීන් අතින් උන්වහන්සේ ඔවුන් මිදූ සේක. ජල කඳ ඔවුන්ගේ විරුද්ධවාදීන් වසා ගත්තේ, ඔවුන්ගේ එකකුවත් ඉතිරි නො කරමිනි. එවිට උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කළ ඔවුහු, උන්වහන්සේ පසසමින් ගී ගැයූහ. එහෙත් උන්වහන්සේ කළ දෑ, ඉක්මනින් අමතක කර දැමූ ඔවුන්, උන්වහන්සේගේ උපදෙස් ලැබෙන තෙක් බලා සිටියේ නැත.

ගීතාවලිය 106:6-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය