ගීතාවලිය 104:10-14

ගීතාවලිය 104:10-14 SCV

මිටියාවතට ගලා හැලෙන්නට ඔබ නිම වූ දිය දහරා කඳු අතරින් රිංගා ගලා යයි. බැද්දේ සතා සීපා සියල්ලනට ඒවා ජලය සපයයි; වනගත බූරුවෝ ඒවායින් බී පිපාස සංසිඳුවා ගනිති. ආකාශ පක්ෂීහු ඒ දිය පාර අද්දර කූඩු තනා, අතු පතර හිඳ ගී ගයති. උන්වහන්සේගේ උදාර වාස භවනේ සිට උන්වහන්සේ කඳුවලට ජලය සපයන සේක; උන්වහන්සේගේ වැඩවල පලයෙන්, මහ පොළොව තෘප්තිමත් වෙයි. ඔබවහන්සේ ගව ආදී සතුන් සඳහා තෘණ වැඩෙන්නට සැලසූ සේක්; මිනිසාට වගා කරනට ගස් වැල් දුන් සේක; ඒවා පොළොවෙන් අහර හටගැන්වීමට ය