ගීතාවලිය 104:1-5
ගීතාවලිය 104:1-5 SCV
එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබවහන්සේ ඉතා උතුම් ය; ඔබවහන්සේ ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් පැලඳ සිටින සේක. ආලෝකය වස්ත්‍රයක් සේ ඇඟ ලා සිටින උන්වහන්සේ, ගුවන උඩු වියනක් මෙන් විහිදන සේක. ස්වකීය කුටියේ බාල්ක ජල පිට තබන සේක. උන්වහන්සේ වලාකුළු තම රථය කර ගන්නා සේක, සුළං පියාපත් පිට නැගී යන සේක. සුළං තම දූතයින් කර ගන්නා උන්වහන්සේ, ගිනි දැල් තම සේවකයින් කරන සේක. කිසි කල නො සෙල්වී, පිහිටා සිටින පරිදි උන්වහන්සේ පොළොව, එහි අත්තිවාරම් පිට පිහිටූ සේක.

