ගීතාවලිය 103:2-7
ගීතාවලිය 103:2-7 SCV
ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය, උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න. ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය; ඔබේ ජීවිතය නරාවළෙන් මුදන්නේ ද නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ ය; රාජාලියකුගේ සේ ඔබේ යෞවනය යළි පුබුදන පිණිස, යහ දෙයින් ඔබගේ ආශා ඉටු කර දෙන්නේ ද උන්වහන්සේ ය. පීඩාවට පත් සියල්ලන් උදෙසා, ස්වාමින්වහන්සේ සාධාරණත්වයත්, යුක්තියත් සලසා දෙන සේක. උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ට ද ස්වකීය ක්‍රියා ඉශ්‍රායෙල් ජනයාට ද පෙන්වා දුන් සේක.



