ගීතාවලිය 102:25-28

ගීතාවලිය 102:25-28 SCV

පටන් ගැන්මේදී, ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක; ස්වර්ග ඔබගේ අත්වල වැඩ වේ. ඒවා වැනසී යනු ඇත; එහෙත් ඔබ පැවත සිටින සේක. ඒවා වස්ත්‍රයක් සේ ගෙවී, පරණ වෙයි. ඇඳුම් මෙන් ඔබ ඒවා මාරු කරන සේක; ඒවා පහ කර දමනු ලැබේ. එහෙත් ඔබවහන්සේ එක ලෙස පවතින සේක; ඔබගේ අවුරුදුවලට කෙළවරක් නැත. ඔබට සේවය කරන්නන්ගේ දරුවන් ඔබ අබිමුව වෙසෙනු ඇත; ඔවුන්ගේ දරු පරපුර ඔබ ඉදිරියේ ස්ථාපිත කෙරේ.