ගීතාවලිය 100:1-4
ගීතාවලිය 100:1-4 SCV
මුළු පොළෝ වාසීනි, ස්වාමින්වහන්සේට ජය ඝෝෂා නගන්න. ප්‍රීතියෙන් යුතු ව, ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න; ප්‍රීති ගීත ගයමින්, උන්වහන්සේ අබියසට පැමිණෙන්න. ස්වාමින්වහන්සේ, දෙවියන්වහන්සේ වග දැනගන්න. අප මැවුවේ උන්වහන්සේ ය; අප අයිති උන්වහන්සේට ය; උන්වහන්සේගේ ජනයා වන අප, උන්වහන්සේගේ තෘණබිමෙහි බැටළුවන් ය. ස්තුති දෙමින් උන්වහන්සේගේ දොරටු තුළින් ඇතුළු වන්න, ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුළු වන්න; උන්වහන්සේට තුති පුදමින්, උන්වහන්සේගේ නාමය පසසන්න.





