හිතෝපදේශ 8:6-11

හිතෝපදේශ 8:6-11 SCV

සවන් දෙන්න, අගනා දෑ කියන්නට මට තියේ; හරි දේ කියන්නට මගේ දෙතොල් විවර කරමි. මගේ මුවින් පැවසෙන්නේ සත්‍යය ය; මන්ද මගේ දෙතොලට දුෂ්ටකම පිළිකුලක් ය. මා මුවේ හැම වචනයක් ම ධාර්මික ය; හොර බොරු වංචා කිසිවක් ඒවායේ නැත. නැණවතුනට ඍජු ව ම ඒ හැම පැහැදිලි ය; දැනුම ඇත්තනට ඒවා දෝෂ රහිත ය. රිදී වෙනුවට මගේ උපදෙස් තෝරා ගන්න; අනගි රන්වලට වඩා දැනුම තෝරා ගන්න. මන්ද ප්‍රඥාව රතුකැටවලට වඩා ඉතා වටනේ ය; ඔබ ආශා වන කිසිවක් ඊට සම කළ නො හැක.