හිතෝපදේශ 7:4-10

හිතෝපදේශ 7:4-10 SCV

ප්‍රඥාවට, “ඔබ මගේ සහෝදරී” යි කියන්න, අවබෝධයට, ඔබේ ළඟ ම නෑයා කියා අමතන්න. තවද, අනාචාර ගැහැණියගෙන් ද චාටු කතාවෙන් යුත් අසංවර ගැහැණියගෙන් ද ඒවා ඔබ ආරක්ෂා කරයි. මගේ ගෙදර ජනේලයේ ගරාදි අතරින් මම පිටත බැලුවෙමි. අනුවණ ජනයා අතරෙහි මම බැලුවෙමි; අවබෝධයෙන් තොර තරුණයකු යෞවනයින් අතර මම දුටුවෙමි. ඔහු වීදිය ඔස්සේ ඇගේ ලැගුම්පල අසලින් ඇගේ නිවස දෙසට යමින් සිටියේ ය. ඒ දවස ගෙවීගෙන යන සවස් ගොම්මනේ ය; රැයේ අඳුර වට කොට ගන්නා වෙලාවේ ය. එවිට මෙන්න ගැහැණියක්, ඔහු හමුවට ආවා ය; වංචනික අරමුණින් යුතු වූ ඈ සැරසී සිටියේ වෙසඟනකගේ ඇඳුමිනි.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 7:4-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය