හිතෝපදේශ 7:24-27
හිතෝපදේශ 7:24-27 SCV
එබැවින් දැන්, මා පුත, මට සවන් දෙන්න; මා කියන දේට අවධානය යොමන්න. ඇගේ මාර්ග වෙත ඔබේ හද නො හැරේවා! ඇගේ මාවත් තුළට මුළාව නො යේවා! ඇයට ගොදුරු වී වැටී ගියෝ බොහෝ ය. ඇය නැති නාස්ති කළ සංඛ්‍යාව අති මහත් ය. ඇගේ නිවස මිනී වළට දිවෙන මාර්ගයකි; එය මරණයේ මන්දිර වෙත බැස යයි.

