හිතෝපදේශ 6:20-23

හිතෝපදේශ 6:20-23 SCV

මා පුත, ඔබේ පියාගේ ආඥා පිළිපදින්න; ඔබේ මවගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප නො කරන්න. නිරතුරු ව ඒවා ඔබේ හදවතේ බැඳ ගන්න; ඔබේ ගෙල වටා ඔතාගන්න. එවිට ඔබ ගමන් කරන විට ඒවා ඔබට මග පෙන්වාවි; ඔබ නිදා සිටින විට ඒවා ඔබ රැක බලා ගනීවි; ඔබ අවදි වන කල ඒවා ඔබට කතා කරාවි. මන්ද මේ ආඥා පහනක් ය, මේ ඉගැන්වීම් එළියක් ය, ශික්ෂණයේ තරවටු ජීවනයට මාර්ගය ය.