හිතෝපදේශ 5:7-14
හිතෝපදේශ 5:7-14 SCV
එබැවින් දැන්, මා පුතුනි, මට සවන් දෙන්න; මා පවසන දෙයින් ඉවත නො හැරෙන්න. ඇගේ මාවතින් ඈත් ව සිටින්න; ඇගේ නිවසේ දොර අසලටවත් නො යන්න. ඔබගේ ශක්තියේ පල අනුනට නො දේවා! කෘෘරවූවන්ට, ඔබගේ ජීවිත අවුරුදු පාවා නො දේවා! ඔබගේ ධනය අන්‍යයන්ගේ විනෝදය පිණිස නො වේවා! ඔබගේ වෙහෙස මහන්සිය, පිට ගෙදරක් ධනවත් නො කෙරේවා! නැතහොත් අන්තිමේදී වන්නේ, ඔබේ මාංසය ක්ෂය වී, ගත වැහැරුණු කල, කෙඳිරිගාන්නට සිදුවීම ය. ඔබට මෙසේ කියන්නට සිදු වෙයි. එනම්, “මම උපදෙසට වෛර කළ හැටි! නිවැරදි වීම ප්‍රතික්ෂේප කළ හැටි! මගේ ගුරුවරුනට මා කීකරු වූයේ නැත; මගේ උපදේශකයින්ගේ ගුරුකම් තැකුවේ ද නැත. දෙවියන්වහන්සේගේ මුළු ජන සමාජය ඉදිරියේ මම විනාශයේ කට අද්දරට ම පැමිණ ඇත්තෙමි” යනුවෙනි.

