හිතෝපදේශ 4:5-9
හිතෝපදේශ 4:5-9 SCV
ප්‍රඥාව ලබා ගන්න, අවබෝධය ලබා ගන්න; මගේ වචන අමතක නො කරන්න, එයින් පිට පැන නො යන්න. ප්‍රඥාව අතහැර නො දමන්න, මන්ද ඈ ඔබ ආරක්ෂා කරන්නී ය; ඇයට ප්‍රේම කරන්න, එවිට ඈ ඔබ රැක බලා ගන්නී ය. ප්‍රඥාව අති ශ්‍රේෂ්ඨ ය, එබැවින් ප්‍රඥාව ලබා ගන්න; එය ලැබීමට අධික මිලක් ගෙවන්න වෙතත්, අවබෝධය ලබා ගන්න. ඇය සම්මානනීය සේ සලකන්න, එවිට ඈ ඔබ උසස් කරන්නී ය; ඇය වැලඳගන්න, එවිට ඈ ඔබ ගෞරවයට පමුණුවන්නී ය. ඈ ඔබේ හිසෙහි කරුණාවේ මල් දමක් තබා, ශෝභාලංකාරයේ ඔටුන්නක් ඔබට පිරිනමනු ඇත.”

