හිතෝපදේශ 3:31-35

හිතෝපදේශ 3:31-35 SCV

සැහැසි මිනිසකු සමඟ ඊර්ෂ්‍යා සහගත නො වන්න; ඔහුගේ මාර්ග එකකුදු තෝරා නො ගන්න. මන්ද, හිතුවක්කාර මිනිසා ස්වාමින්වහන්සේට පිළිකුලක් ය; එහෙත්, උන්වහන්සේගේ මිත්‍රකම ඍජු ගති ඇත්තා සමඟ ය. ස්වාමින්වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ නිවස පිට ය; එහෙත්, ධාර්මිකයාගේ ගෙදරට උන්වහන්සේ ආශිර්වාද කරන සේක. උඩඟු අවමන්කරන්නන් උන්වහන්සේ අවමානයට පමුණු වන සේක; එහෙත්, යටහතුනට උන්වහන්සේ කරුණාව දක්වන සේක. ප්‍රඥාවත්හු ගෞරවය උරුම කර ගනිති; එහෙත් අඥානයෝ ලජ්ජාවට පමුණුවනු ලබති.