හිතෝපදේශ 3:1-6

හිතෝපදේශ 3:1-6 SCV

මා පුත, මගේ ඉගැන්වීම් අමතක නො කරන්න; මගේ ආඥා ඔබේ හදේ රඳවා තබා ගන්න. මන්ද ඒවා ඔබේ ජීවිතයේ දවස් හා අවුරුදු කාල ප්‍රමාණය ද ඔබට සාමය හා සමෘද්ධිය ද වැඩි කර දෙන්නේ ය. දයා-ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් ඔබගෙන් ඈත් ව නො යේවා! ඒවා ඔබ ගෙල බැඳ ගන්න; හදවත් පුවරුවේ ලියා තබා ගන්න. එවිට, දෙවියන්වහන්සේ ඉදිරියේ මෙන් ම මිනිසුන් ඉදිරියේදී, ප්‍රසාදයත්, හොඳ නමත් ඔබ දිනාගනු ඇත. ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට, ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න; එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත.