හිතෝපදේශ 26:1-16

හිතෝපදේශ 26:1-16 SCV

ග්‍රීෂ්මයට හිම ද අස්වනු කාලයට වැසි ද මෙන්, අඥානයාට ගෞරවය නො ගැළපේ. ගේ කුරුල්ලා එක තැන නො රැඳී, ඔබ මොබ ඉගිලෙන්නා සේ, වැහි ලිහිණියා කඩිමුඩියේ පියඹා යන්නා සේ, යුතු නැති ශාපය නිසි තැනට නො වදියි. අශ්වයාට කසය ය, බූරුවාට කටකලියාව ය; අඥානයාගේ පසු පසට කෙවිට ය. අඥානයාගේ මෝඩකමට අනුව උත්තර නො දෙන්න; නැතහොත් ඔබත්, ඔහු හා සමාන වනු ඇත. අඥානයාගේ මෝඩකමට සරිලන සේ උත්තර දෙන්න; නැතහොත් තමාත් නැණවතෙකැයි ඔහුට පෙනී යා හැක. අඥානයකු අත පණිවුඩ යවන්නා, තම පාදය කපා ගත්තා වැනි ය; නැතහොත් සැහැසිකම පානය කළා වැනි ය. අඥානයකුගේ මුවින් නික්මෙන හිතෝපදේශය, අප්‍රයෝජන ව එල්ලි එල්ලී තිබෙන කොර කකුලක් වැන්න. අඥානයකුට ගෞරව දීම, ගල් විදින පටියේ ගලක් ගැට ගැසීම වැනි ය. අඥානයකුගේ මුවින් නික්මෙන හිතෝපදේශය, බේබද්දකු අත ඇති කටු අත්තක් වැනි ය. අඥානයකු හෝ මග යන කවරකු හෝ කුලී වැඩට ගන්නා, හැමට තුවාල කරන සිහි මද දුනුවායකු වැනි ය. බල්ලා, ඌ වමනය කළ දේට ම ආපසු හැරී යන්නාක් මෙන්, අඥානයා යළි යළිත් එක ම මෝඩකම කරන්නේ ය. තමා ප්‍රඥාවන්තයෙකැයි සිතා සිටින කෙනකු ඔබ දන්නවා ද? ඔහුට වඩා වැඩි බලාපොරොත්තුවක් අඥානයකුට ඇත. “අන්න පාරේ සිංහයෙක් සිටී; නිදැල්ලේ ඇවිදින සිංහයෙක් වීදියේ වෙතැ” යි අලසයා පවසයි. දොර, සරනේරුව පිට ඒ අතටත්, මේ අතටත් හැරෙන්නා සේ කම්මැලියා තම යහන පිට ඒ මේ අත පෙරැළේ. අලසයා කෑම පිඟානට අත දමන නමුත් යළි එය කටට ගන්නට පවා කම්මැලි වෙයි. නුවණින් පිළිතුරු දෙන හත් දෙනකුටත් වඩා තමා නුවණැත්තෙකැයි කම්මැලියා සිතයි.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 26:1-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය