හිතෝපදේශ 24:32-34

හිතෝපදේශ 24:32-34 SCV

එසේ මා නිරීක්ෂණ කළ දෑ මම හදවතට ගතිමි; ඒ දුටු දැයින් මම පාඩමක් උගත්තෙමි. ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි, ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි; එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ; අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.