පාලකයකු සමඟ ඔබ කෑමට හිඳගන්න කල, ඔබ ඉදිරියේ තබා ඇති දෑ ගැන කල්පනාකාරී වන්න. ඔබ කෑදරයකු වේ නම්, ඔබේ උගුරට පිහියක් තබා ගන්න. ඔහුගේ රසමසවුලට ආශා නො වන්න; මන්ද ඒවා රැවටිලිකාර ආහාර වේ. ධනවත් වන පිණිස දැඩි සේ නො වෙහෙසෙන්න; එයින් වළකින්නට අවබෝධය ඇතුව සිටින්න. ධනය දෙස බැල්මක් හෙළන්න; එය නො පෙනී ගොසිනි; මන්ද එහි පියාපත් පැන නැගී, රාජාලියකු මෙන් එය අහසට පියඹා යනු ඇත. මසුරු මිනිසකුගේ අහර අනුභව නො කරන්න; ඔහුගේ රසමසවුලට ආශා නො වන්න. මන්ද හැම විට ඔහු සිතන්නේ ඒවායේ වියදම ගැන ය. “අරගෙන කන්න, බොන්නැ” යි ඔහු කියයි; එහෙත් ඔහුගේ සිතේ අදහස වෙනකක් ය. ඔබ කෑ ස්වල්පය ඔබ වමාරනු ඇත; ඔබගේ ප්‍රශංසනීය වචන ද අපතේ ය.
හිතෝපදේශ 23 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 23:1-8
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ