හිතෝපදේශ 21:23-31
හිතෝපදේශ 21:23-31 SCV
තම මුව ද තම දිව ද රැක ගන්නා උපද්‍රවවලින් වැළකී සිටී. අහංකාර, උඩඟු මිනිසාට නමකි, “ගරහන්නා” යන්න; මහ මාන්නක්කාර විලාශයකිනි ඔහු හැසිරෙන්නේ. අලසයාගේ ආශාව ඔහු මරා දමයි; මන්ද ඔහුගේ දෑත වැඩ කිරීම ප්‍රතික්ෂේප කරයි. දවස මුළුල්ලේ ඔහු වඩ වඩා ගිජු වෙයි. එහෙත් ධර්මිෂ්ඨයා නො මසුරු ව දෙයි. දුෂ්ටයකුගේ යාග පූජාව ද පිළිකුල් සහගත ය; නපුරු අදහසකින් එය පිළිගන්වන කල, ඊට වඩා කොතරම් පිළිකුල් නො වේ ද? බොරු සාක්ෂිකරු විනාශ වී යන්නේ ය; එහෙත් හොඳින් සවන් දෙන්නා වැඩදායි ව සාක්ෂි දෙන්නේ ය. දුෂ්ට මිනිසා තම මුහුණ දැඩි කර ගනී; එහෙත් ඍජු ගති ඇත්තා තම මාර්ග ගැන සිතා බලයි. ස්වාමින්වහන්සේට එරෙහිව ජය ගත හැකි අන් ප්‍රඥාවක් නැත; අවබෝධයක් නැත, සැලැස්මක් ද නැත. සංග්‍රාම දවසට අශ්වයා සූදානම් කරනු ලැබ ඇත; එහෙත් ජයග්‍රහණය ස්වාමින්වහන්සේ අතේ ය.

