යුක්තිය ඉටු වන කල ධර්මිෂ්ඨයිනට එයින් ප්‍රීතිය ගෙනේ; එහෙත් අධර්මිෂ්ඨයිනට එයින් භීතිය ගෙනේ. අවබෝධයේ මාවතින් බැහැර ව යන මිනිසා මළවුන්ගේ සමාගමෙහි විවේක ගනු ඇත. විනෝදයට ඇලුම්වන්නා දුප්පත් වෙයි; මිදි යුෂවලටත්, තෙල්වලටත් ඇලුම්වන්නා ධනවත් නො වේ. දුෂ්ටයෝ ධර්මිෂ්ඨයින් උදෙසා වන්දියකි; ද්‍රෝහි වූවෝ ඍජු ගුණ ඇත්තන් උදෙසා වන්දියකි. කලහකාරී, වහා කිපෙන බිරිඳක හා වෙසෙනවාට වඩා කාන්තාරයේ විසීම හොඳ ය. නැණවතාගේ නිවසේ, රස ගුණ අහර ද තෙල් ද ගබඩා කර ඇත; එහෙත් අනුවණයා තමාට ඇති සියල්ල ගිල දමයි. ධර්මිෂ්ඨකම ද ප්‍රේමය ද හඹා යන කවරකුට වුව ජීවනයත්, ධර්මිෂ්ඨකමත්, ගෞරවයත් අත්වෙයි. ප්‍රඥාවන්තයා බලවතුන්ගේ පුරවරයට පහර දී, ඔවුන් විශ්වාසය තැබූ බළකොටු බිඳ හෙළයි. තම මුව ද තම දිව ද රැක ගන්නා උපද්‍රවවලින් වැළකී සිටී. අහංකාර, උඩඟු මිනිසාට නමකි, “ගරහන්නා” යන්න; මහ මාන්නක්කාර විලාශයකිනි ඔහු හැසිරෙන්නේ. අලසයාගේ ආශාව ඔහු මරා දමයි; මන්ද ඔහුගේ දෑත වැඩ කිරීම ප්‍රතික්ෂේප කරයි. දවස මුළුල්ලේ ඔහු වඩ වඩා ගිජු වෙයි. එහෙත් ධර්මිෂ්ඨයා නො මසුරු ව දෙයි. දුෂ්ටයකුගේ යාග පූජාව ද පිළිකුල් සහගත ය; නපුරු අදහසකින් එය පිළිගන්වන කල, ඊට වඩා කොතරම් පිළිකුල් නො වේ ද? බොරු සාක්ෂිකරු විනාශ වී යන්නේ ය; එහෙත් හොඳින් සවන් දෙන්නා වැඩදායි ව සාක්ෂි දෙන්නේ ය. දුෂ්ට මිනිසා තම මුහුණ දැඩි කර ගනී; එහෙත් ඍජු ගති ඇත්තා තම මාර්ග ගැන සිතා බලයි. ස්වාමින්වහන්සේට එරෙහිව ජය ගත හැකි අන් ප්‍රඥාවක් නැත; අවබෝධයක් නැත, සැලැස්මක් ද නැත. සංග්‍රාම දවසට අශ්වයා සූදානම් කරනු ලැබ ඇත; එහෙත් ජයග්‍රහණය ස්වාමින්වහන්සේ අතේ ය.
හිතෝපදේශ 21 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 21:15-31
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ