හිතෝපදේශ 2:1-8

හිතෝපදේශ 2:1-8 SCV

මා පුත, ඔබ මගේ වචන පිළිගෙන, මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්නේ නම්, ප්‍රඥාවට ඔබේ සවන් යොමා, අවබෝධයට ඔබේ හද විවර කරන්නේ නම්, ඇත්තෙන් ම ඔබ අවබෝධයට හඬ ගසා, බුද්ධියට ඔබේ කටහඬ අවදිකරන්නේ නම්, ඔබ රිදී සොයන්නාක් මෙන් එය සොයමින්, සැඟවුණු වස්තුවක් සොයන්නාක් මෙන් වෙහෙසෙන්නේ නම්, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම කුමක් දැයි ඔබ වටහා ගනු ඇත; දෙවියන්වහන්සේ දැනගැනීම ඔබ අත්කර ගනු ඇත. මන්ද ප්‍රඥාව දෙන්නේ ස්වාමින්වහන්සේ ය; දැනගැන්ම හා අවබෝධය පැමිණෙන්නේ, උන්වහන්සේගේ මුවෙනි. අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක; නිර්දෝෂ ව කටයුතු කරන්නවුන්ට උන්වහන්සේ පලිහක් වන්නේ, යුක්තියේ මාවත් රැකවල් කරමිනි; ස්වකීය විශ්වාසිකයින්ගේ මාර්ගය සුරකිමිනි.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 2:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය