හිතෝපදේශ 17
17
1සණ්ඩු-දබර සමඟ සාද පවත්වන නිවසකට වඩා
සාමය සමඟියෙන් යුතු ව වියළි රොටි කැබැල්ලක් හොඳ ය.
2නැණවත් සේවකයා නින්දා සහගත පුතකු පාලනය කරයි;
සහෝදරයින් අතරේ බෙදෙන උරුමයට ද පංගුකරුවකු වෙයි.
3රිදී පවිත්‍ර කිරීමට කෝව ද රත්රන්වලට උදුන ද වේ;
එහෙත් හදවත සෝදිසි කරන්නේ ස්වාමින්වහන්සේ ය.
4දුෂ්ට මිනිසා නපුරු තොලින් එන කතාවට සවන් දෙයි;
බොරුකාරයා කුඩුකේඩු දිව පවසන දෑට කන් දෙයි.
5දුප්පතුනට සමච්චල්කරන්නා, ඔවුන්ගේ මැවුම්කරුවාණන්ට අවඥා කරයි;
අනුන්ගේ විපත්තියකදී සතුටුවන්නා, දඬුවම් නො ලැබ නො සිටී.
6වයස්ගතවූවන්ගේ ඔටුන්න දරුවන්ගේ දරුවන් ය;
දරුවන්ගේ අභිමානය ඔවුන්ගේ පියවරු ය.
7ව්‍යක්ත කතාව අඥානයකුට ගැළපෙන්නේ නැත;
බොරුකාර තොල් පාලකයකුට කොතරම් නො ගැළපේ ද?
8අල්ලසක් දෙන්නාට එය වශීකරණයක් මෙන් පෙනෙයි;
හැරෙන හැරෙන අත ඔහු සඵල වෙයි.
9වරදක් වසා දමන්නා ප්‍රේමය වඩවයි;
එහෙත් කාරණයක් යළි මතුකරන්නා මිත්‍රත්වය බිඳියි.
10අඥානයකුට පහර සියයකට වඩා
බුද්ධිමතකුට එක තරවටුව කා වදින්නේ ය.
11දුෂ්ට මිනිසා කැරලිකාරකමට ම නැඹුරු ය;
එබැවින් ඔහුට එරෙහිව දයා විරහිත නිලධාරියකු යැවේ.
12මෝඩකම් කරන අඥානයකුට මුහුණ දෙනවාට වඩා,
පැටවුන් අහිමි වුණ වැලහින්නකට මුහුණ පෑම, හොඳ ය.
13කළ හොඳට, යමෙක් නපුරෙන් ප්‍රතික්‍රියා කරයි නම්,
කිසි කලෙක නපුර ඔහුගේ ගෙදරින් පිට වී නො යයි.
14ගැටුමක් ඇරඹීම වේල්ලක බිඳුමක් ඇති කරනවා වැන්න;
එබැවින් ආරවුල හටගන්නට පෙර එය අත්හැර දමන්න.
15වරදකරු නිදහස් කිරීමත්,
නිවැරදිකරුට දඬුවම් දීමත් යන දෙක ම ස්වාමින්වහන්සේට පිළිකුලකි.
16අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් නැති අඥානයකු අත
ප්‍රඥාව මිල දී ගැනීමට මුදල් තිබීම කවර ප්‍රයෝජනයක් ද?
17මිතුරෙක් හැම විටෙක ම ප්‍රේම කරන්නේ ය;
සහෝදරයෙක් ඉපිද ඇත්තේ විපතේදී පිහිට වීමට ය.
18නැණ නුවණ හීන මිනිසා අත ගසා දිවුරා,
තම අසල්වැසියාට ඇපකරුවකු වෙයි.
19පාපයට ඇලුම් වෙන්නා ගැටුම්වලට ඇලුම් වෙයි;
තම ගේ-දොරටු උස් කර තනාගන්නා විනාශයට අත වනයි.
20හදවතින් අගතිගාමී මිනිසා සඵල නො වේ;
ප්රයෝගකාරී දිවක් ඇත්තා කරදරේ වැටෙයි.
21තම පුතු අඥානයකු වීම, කෙනකුගේ සන්තාපයට හේතු වේ;
අඥානයකුගේ පියාට සන්තෝෂයක් නැත.
22සතුටු සිත හොඳ ඖෂධයකි;
එහෙත් තැළුණු ආත්මය ඇටකටු වියළවයි.
23යුක්තිය කණපිට පෙරළන පිණිස,
දුෂ්ට මිනිසා රහසින් අල්ලසක් ගනී.
24බුද්ධිමත් මිනිසා බැල්ම හෙළන්නේ ප්‍රඥාව දෙසට ය;
එහෙත් අඥානයාගේ ඇස් පොළෝ සීමා තෙක් මුළාව යයි.
25අඥාන පුත්‍රයා ඔහුගේ පියාට සන්තාපය ගෙනේ;
ඔහු වැදූ මවට ශෝකය ගෙනේ.
26නිර්දෝෂී මිනිසකුට දඩ ගැසීම හොඳ නැත;
අවංක නිලධාරීන්ට පහර දීමත් හොඳ නැත.
27සංයමයෙන් යුතු ව වචන පාවිච්චි කරන්නා අවබෝධය ඇත්තෙකි;
නිවුණු සිතක් ඇති ව සිටින්නා බුද්ධිමතෙකි.
28අඥානයා පවා නිහඬ ව සිටින විට නැණවතකු සේ පෙනේ;
ඔහු කට පියාගෙන සිටින විට බුද්ධිමතකු සේ පෙනේ.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 17: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: