ගරහන්නා තරවටුව රුස්සන්නේ නැත; ඔහු ප්‍රඥාවතුන් වෙත යන්නේ නැත. ප්‍රීතිමත් හදවත මුහුණ සතුටින් බබළවයි; එහෙත් සිත් සන්තාපය ආත්මය තළා දමයි. නුවණැති හදවත දැනුම සොයයි; එහෙත් අඥානයාගේ මුඛය මෝඩකම වඩවයි. පීඩා විඳින්නන්ට හැමදාමත් දුක්ඛිත ය; එහෙත් සතුටු සිත නිරන්තරයෙන් මංගල සිරි විඳී. කරදර-විපත් සමඟ මහ ධන සම්පත්වලට වඩා ස්වාමින්වහන්සේට භයවීම සමඟ ස්වල්පයක් හොඳ ය. ද්වේෂයෙන් යුතු ව රසමසවුළු බුදිනවාට වඩා ප්‍රේමයෙන් යුතු ව එළවළු ටිකක් හොඳ ය. වහා කිපෙන මිනිසා ආරවුල් අවුස්සයි; එහෙත් ඉවසිලිවන්ත මිනිසා කලහ සන්සිඳුවයි; කම්මැලියාගේ මාර්ගය කටු පඳුරුවලින් අවහිර ය; එහෙත් ඍජු ගති ඇත්තාගේ මාවත රජ මාවතක් ය. ප්‍රඥාවත් පුත්‍රයා තම පියාට ප්‍රීතිය ගෙනේ; එහෙත් අඥාන මිනිසා ඔහුගේ මව සුළු කොට තකයි. විචාර බුද්ධිය නැති මිනිසාට මෝඩකම ප්‍රීතියකි; එහෙත් අවබෝධය ඇත්තාගේ ගමන් මග සෘජු ය. නිසි උපදෙස් හිඟ වූ කල සැලසුම් සඵල නො වේ; එහෙත් බොහෝ උපදේශකයන් ඇති කල ඒවා සඵල වේ. උචිත පිළිතුරක් දීමෙන් මිනිසකුට ප්‍රීතිය ලැබේ; තැනට ඔබින වචනය කොතරම් අගේ ද! ප්‍රඥාවන්තයාට ජීවිත මාර්ගය ඉහළට දිවේ; ඒ, ෂෙයෝලයෙන් ඔහු ඈත් කෙරෙන පිණිස ය.
හිතෝපදේශ 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 15:12-24
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ