හිතෝපදේශ 14
14
1ප්‍රඥාවත් කාන්තාව තම පවුල ගොඩ නගන්නී ය;
එහෙත් මෝඩ තැනැත්තී තම අත්වලින් ම එය බිඳගන්නී ය.
2සෘජු ගති පිළිපදින්නා ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ය;
එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ හෙළා දකී.
3අඥානයාගේ කතාවේ උඩඟුකමේ වේවැල් පහර ඇත්තේ ය;
එහෙත් ප්‍රඥාවතුන්ගේ තොල් ඔවුන් මුදා ගනී.
4ගවයින් නොමැති ගව ගාල පවිත්‍ර ය;
එහෙත් සරු අස්වැන්නක් එන්නේ, ගවයාගේ ශක්තියෙනි.
5සත්‍යවාදී සාක්ෂිකරු වංචා නො කරයි;
එහෙත් ව්‍යාජ සාක්ෂිකරු බොරු වගුරයි.
6ගරහන්නා ප්‍රඥාව සොයන නමුදු, කිසිවක් සොයා නො ගනී;
එහෙත් අවබෝධය පහසුවෙන් ම බුද්ධිමතුන් වෙත පැමිණේ.
7අඥානයා වෙතින් ඈත් ව සිටින්න;
මන්ද ඔහුගේ තොල් අතරින් දැනුම හමු නො වේ.
8නුවණ ඇත්තන්ගේ ප්‍රඥාව තම මාර්ගය වටහා ගැනීම ය;
එහෙත් අඥානයින්ගේ මෝඩකම රැවටිල්ල ය.
9පාප කමාවේ පූජාවට අඥානයා සමච්චල් කරයි;
එහෙත් ඍජු ගති ඇත්තන් අතර පිළිගැනීම ඇත.
10තමාගේ සන්තාපය දන්නේ ඒ ඒ අයගේ හදවත ය;
හදවතක ප්‍රීතිය තව කෙනකුට විඳිය නො හැකි ය.
11දුෂ්ටයින්ගේ ගෙය විනාශ කර දමනු ලැබේ;
එහෙත් ඍජු ගති ඇත්තන්ගේ කූඩාරම සමෘද්ධ වේ.
12මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත;
එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි.
13සිනාසීමේදී පවා හදේ වේදනා තිබිය හැක;
ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.
14හදින් පසුබටවන්නා මුළුමනින් ම ඔහුට සුදුසු ප්‍රතිවිපාක ලබයි;
සත්-පුරුෂයා ද ඔහුට සුදුසු ඉටු විපාක ලබයි.
15අනුවණයා හැම දේ ම විශ්වාස කරයි;
එහෙත් බුද්ධිමතා තමා ගන්නා හැම පියවරක් ම සැලකිල්ලට ගනියි.
16ප්‍රඥාවත් මිනිසා දේව භයින් යුතු ව නපුරෙන් වැළකී සිටී;
එහෙත් අඥානයා කලබලකාරී ව නො සැලකිලිමත් වෙයි.
17වහා කිපෙන මිනිසා මෝඩ වැඩ කරයි;
කපටි මිනිසාට අන් අය වෛර කරති.
18අනුවණයින්ගේ උරුමය මෝඩකම ය;
එහෙත් බුද්ධිමතා දැනුමේ කිරුළ ලබයි.
19දුෂ්ටයෝ යහපතුන් ඉදිරියේ වැඳ වැටෙති;
අධර්මිෂ්ඨයෝ ධර්මිෂ්ඨයින්ගේ දොරටු අබියස වැඳ වැටෙති.
20තම අසල්වැසියන් අතින් පවා දුප්පතා ඈත් කෙරේ;
එහෙත් ධනවතාට බොහෝ මිතුරන් ඇත.
21තම අසල්වැසියා හෙළා දකින්නා පව් කරයි;
එහෙත් නැති බැරි අයට උපකාර කරන්නා භාග්‍යවන්තයෙකි.
22නපුරු උපා යොදන්නෝ මංමුළා නො වෙත් ද?
එහෙත් සෙත සැලසුම් කරන්නෝ, ප්‍රේමයත්, විශ්වාසවන්ත භාවයත් හිමි කර ගනිති.
23වෙහෙසී වැඩ කිරීම් සියල්ලෙන් ලාභ ලැබේ;
එහෙත් නිෂ්ඵල කතාව දුගී භාවයට මං පාදයි.
24ප්‍රඥාවතුන්ගේ ධන සම්පත් ඔවුන්ගේ ඔටුන්න ය;
එහෙත් අඥානයින්ගේ මෝඩකමින් උපදින්නේ මෝඩකම පමණි.
25සත්‍යවාදී සාක්ෂිකරු ජීවිත ගලවයි;
එහෙත් බොරු සාක්ෂිකරු රැවටිලිකාර ය.
26 ස්වාමින්වහන්සේට භය පක්ෂපාත අයට සුරක්ෂිත බළකොටුවක් ඇත;
ඔවුන්ගේ දරුවන්ට එය රක්ෂස්ථානයකි.
27 ස්වාමින්වහන්සේට භයවීම ජීවනයේ උල්පතකි;
මරණයේ උගුල්වලින් එය කෙනකු ඉවත හරවයි.
28අධික ජනගහනය රජකුගේ තේජස වෙයි;
එහෙත් ජනගහනය නැති අධිපතියා ගරාවැටෙයි.
29ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත;
එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්‍රදර්ශන කරයි.
30ශාන්ත වූ හදවත ගතට ජීවනය ගෙන දේ;
එහෙත් ඊර්ෂ්‍යාව ඇටකටු දිරාපත් කරයි.
31දුප්පතුන්ට පීඩාකරන්නා ඔවුන්ගේ මැවුම්කරුවාණන්ට අවඥා කරයි;
එහෙත් නැති බැරි අයට කාරුණික වන කවුරු නමුත්, උන්වහන්සේට ගෞරව කරයි.
32දුෂ්ටයා තම නපුරු ක්‍රියාව කරණකොටගෙන වැටී යයි;
එහෙත් මරණයේදී පවා ධර්මිෂ්ඨයාට පිළිසරණක් ඇත.
33බුද්ධිමතුන්ගේ හදෙහි ප්‍රඥාව ලැගුම් ගනී;
අඥානයින් අතරේ පවා එය ප්‍රකාශ වෙයි.#14:33 ග්‍රීක එහෙත් අඥානයින්ගේ හදෙහි එය ප්‍රකාශ නො වෙයි.
34ධර්මිෂ්ඨත්වය ජාතියක් උසස් කරයි;
එහෙත් පාපය කවර ජනතාවකට වුව නින්දාවකි.
35ප්‍රඥාවත් සේවකයකු ගැන රජු ප්‍රමෝදවත් වෙයි;
එහෙත් නින්දා සහගත සේවකයා පිට රජුගේ උදහස පතිත වේ.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 14: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: