හිතෝපදේශ 14:1-12

හිතෝපදේශ 14:1-12 SCV

ප්‍රඥාවත් කාන්තාව තම පවුල ගොඩ නගන්නී ය; එහෙත් මෝඩ තැනැත්තී තම අත්වලින් ම එය බිඳගන්නී ය. සෘජු ගති පිළිපදින්නා ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ය; එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ හෙළා දකී. අඥානයාගේ කතාවේ උඩඟුකමේ වේවැල් පහර ඇත්තේ ය; එහෙත් ප්‍රඥාවතුන්ගේ තොල් ඔවුන් මුදා ගනී. ගවයින් නොමැති ගව ගාල පවිත්‍ර ය; එහෙත් සරු අස්වැන්නක් එන්නේ, ගවයාගේ ශක්තියෙනි. සත්‍යවාදී සාක්ෂිකරු වංචා නො කරයි; එහෙත් ව්‍යාජ සාක්ෂිකරු බොරු වගුරයි. ගරහන්නා ප්‍රඥාව සොයන නමුදු, කිසිවක් සොයා නො ගනී; එහෙත් අවබෝධය පහසුවෙන් ම බුද්ධිමතුන් වෙත පැමිණේ. අඥානයා වෙතින් ඈත් ව සිටින්න; මන්ද ඔහුගේ තොල් අතරින් දැනුම හමු නො වේ. නුවණ ඇත්තන්ගේ ප්‍රඥාව තම මාර්ගය වටහා ගැනීම ය; එහෙත් අඥානයින්ගේ මෝඩකම රැවටිල්ල ය. පාප කමාවේ පූජාවට අඥානයා සමච්චල් කරයි; එහෙත් ඍජු ගති ඇත්තන් අතර පිළිගැනීම ඇත. තමාගේ සන්තාපය දන්නේ ඒ ඒ අයගේ හදවත ය; හදවතක ප්‍රීතිය තව කෙනකුට විඳිය නො හැකි ය. දුෂ්ටයින්ගේ ගෙය විනාශ කර දමනු ලැබේ; එහෙත් ඍජු ගති ඇත්තන්ගේ කූඩාරම සමෘද්ධ වේ. මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 14:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය