හිතෝපදේශ 10:11-20
හිතෝපදේශ 10:11-20 SCV
දමිටු මිනිසකුගේ මුඛය, ජීවනයේ උල්පතකි; එහෙත් දුෂ්ටයාගේ මුඛය, සැහැසිකම මුවා කර ගනී. ද්වේෂය, ආරවුල් කලඹවයි; එහෙත් ප්‍රේමය, සියලු වැරදි වසාලයි. අවබෝධය ඇත්තාගේ තොල් අතරේ ප්‍රඥාව ඇත්තේ ය; එහෙත් විචාර බුද්ධිය හීන අයගේ පිටුපසට වේවැල් පහර ය. ප්‍රඥාවත්හු දැනුම රැස් කර ගනිති; එහෙත් අඥානයාගේ මුඛය විනාශයට අඬගසයි. ධනවතාට තම ධනය බළකොටු පුරවරයකි; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ ම දුප්පත්කමයි. දමිටුන්ගේ වැටුප ඔවුනට ජීවනය ගෙනේ; එහෙත් දුෂ්ටයන්ගේ ආදායම ඔවුනට පාපය ගෙනේ. උපදෙසට ඇහුම්කන්දෙන්නා, ජීවනයේ මාවතේ සිටී; එහෙත් නිවැරදි කිරීම් පිටුදකින්නා, අන් අයට ද නොමගට මග පෙන්වයි. තම වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇත්තෙකි; අපවාද පතුරන්නා අඥානයෙකි. වචන බහුල ව කියැවෙන කල පාපය හිඟ නො වේ; එහෙත් තම දිව පාලනය කර ගන්නා නුවණැත්තෙකි. දමිටු මිනිසාගේ දිව අගනා රිදී ය; එහෙත් අදමිටුවාගේ හදවත නො වටනේ ය.

