හිතෝපදේශ 1:20-22
හිතෝපදේශ 1:20-22 SCV
ප්‍රඥාව වීදියෙහි උස් හඬින් මොරගසන්නී ය; ජනයා රැස් වන කඩ-මණ්ඩිවල සිට ඈ උස්හඩ නගන්නී ය. ඝෝෂාකාරී වීදි ඉස්මත්තේ සිට, ඈ මොරගසන්නී ය; පුරවර පිවිසුම් දොරටු පසෙක සිට, ඈ මෙසේ කියන්නී ය: එම්බා අනුවණයිනි, තව කොතෙක් කලක් අනුවණකමට ඇලුම් වෙනවා ද? ගරහන්නනි, තව කොතෙක් කලක් ගැරහීමෙන් සතුටු වෙනවා ද? අඥානයින් තව කොතෙක් කලක් නැණ නුවණට වෛර වෙනවා ද?

