කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදී ම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතු ව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න. එවිට, සියලු අවබෝධ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සාමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් ද ඔබගේ මනස ද ආරක්ෂා කරනු ඇත. අවසන් වශයෙන් සහෝදරයිනි, සත්‍ය දේ කවරේ ද උදාර දේ කවරේ ද නිවැරදි දේ කවරේ ද පවිත්‍ර දේ කවරේ ද මනහර දේ කවරේ ද අගේ කළ යුතු දේ කවරේ ද එය විශිෂ්ට නම්, ප්‍රශංසනීය නම් ඒ දෑ ගැන සිත් යොමන්න. ඔබ කවරක් මගෙන් උගත්තේ ද කවරක් මගෙන් ලැබුවේ ද ඇසුවේ ද කවරක් මා තුළ දුටුවේ ද ඒවා ක්‍රියාවට නගන්න. එවිට සාමයේ දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක. කලකට පසු මා ගැන ඔබගේ සැලකිල්ල අලුත්වීම ගැන ස්වාමින්වහන්සේ තුළ මම බෙහෙවින් ප්‍රීති වෙමි. ඇත්තෙන් ම කවදත් ඔබ මා ගැන සැලකිලිමත් වූ නමුදු, එය පෙන්නුම් කිරීමේ අවස්ථාවක් ඔබට ලැබුණේ නැත.
පිලිප්පි 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: පිලිප්පි 4:6-10
5 දින
ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී කනස්සලුවීම් වලින් ඔබව දවා දමනවාට වඩා ඒවා ඔබට යහපත් ලෙස යොදා ගත හැකි ආකාරය ගැන වැඩිදුර සොයා දැනගන්නවා ඇත.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ