පිලිප්පි 4:15-19

පිලිප්පි 4:15-19 SCV

තවද පිලිප්පිවරුන් වූ ඔබ දන්නා පරිදි, ශුභාරංචියේ මුල් දවස්වලදී, මා මකිදෝනියෙන් පිටත් ව යන කල, ඔබ හැර අන් එකදු සභාවක් ගැනීමෙන් හා දීමෙන් මා හා බෙදා හදා ගත්තේ නැත. මා තෙසලෝනිකයේ සිටියදී පවා මගේ අවශ්‍යතාහි දී යළි යළිත් ඔබ මට ආධාර එවූහ. මා තෑගි සොයනවා නො වේ. මා බලන්නේ ඔබේ ගිණුමට වඩ වඩා විපාක එක් කිරීමටයි. සම්පූර්ණ දීමනාවක්, ඕනෑවටත් වඩා වූ දීමනාවක් ලද්දෙමි. එපප්‍රොදිතස් අත ඔබ විසින් මවෙත එවන ලද තෑගි ලැබ මම දැන් හොඳට ම සෑහී සිටිමි. ඒවා, දෙවියන්වහන්සේට ප්‍රසන්න වූ සුවඳ පූජාවකි; පිළිගත මනා යාගයකි. මගේ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ තේජසේ ඉසුරුමත් භාවයේ ප්‍රකාරයට ඔබගේ සියලු අවශ්‍යතා සපුරන සේක.