එසේ කළේ, ස්වර්ගය තුළ ද පොළොව පිට ද පොළොවෙන් යට ද සියල්ලන්, යේසුස් යන නාමයට දණ නැමිය යුතු වන පිණිසත්, පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය උදෙසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ ය කියා හැම දිවකින් පැවසිය යුතු වන පිණිසත් ය. එබැවින්, හැම විට ඔබ කීකරු ව සිටි සේ, මා ප්‍රේමණීයයනි, මා ඔබ හා සිටියදී පමණක් නො ව, දැන් මා ඔබ වෙතින් ඈත් ව සිටියදී වඩා කීකරු ව, බයින් හා වෙවුලුමෙන් යුතු ව ඔබගේ ගැලවීම ක්‍රියාවට නගන්න. මන්ද තමන්වහන්සේගේ යහපත් අරමුණු ඉටු කරන්නට කැමති වීම හා එසේ කිරීම සඳහා ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේ ය.
පිලිප්පි 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: පිලිප්පි 2:10-13
10 දින
නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ