ඔබ සිහි වන හැම විට මගේ දෙවියන්වහන්සේට මම ස්තුති කරමි. ඔබ හැම උදෙසා මගේ හැම යාච්ඤාවකදී හැම විට මා යාච්ඤා කරන්නේ ප්‍රීතියෙනි. පළමු දවසේ පටන් අද දක්වා ශුභාරංචියට ඇති ඔබේ සහභාගිත්වය ඊට හේතුවයි. ඔබ තුළ යහපත් කාර්යයකට මුලපිරූ තැනැන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දවස දක්වා එය සම්පූර්ණ කරන වග ඒකාන්තයෙන් මම විශ්වාස කර ගෙන සිටිමි. මා සිර-බැඳුම් ලැබ සිටියදීත්, ශුභාරංචිය ගැන වග උත්තර කියද්දීත්, එහි සත්‍යතාව සහතික කරද්දීත් දෙවියන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහයට මා හා පංගුකාර වූ ඔබ හැම, මා හදෙහි දරා සිටින බැවින්, ඔබ හැම ගැන මා එසේ සිතීම යුතු ය. ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ම සෙනෙහසින් යුතු ව ඔබ හැමට මා කෙතරම් ආශා වෙම් ද යන්න දෙවියන්වහන්සේ ම සාක්ෂි වන සේක. මගේ යාච්ඤාව මෙයයි: දැනගැන්මෙන් හා විනිවිද දක්නා මුළු නුවණින් ඔබගේ ප්‍රේමය වඩ වඩා වැඩේවා! ඒ, වඩා උතුම් දේ කවරේදැයි වටහා ගැනීමට ඔබට හැකි වන පිණිස ය. එවිට ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා පවිත්‍ර ව, නො කැළැල් ව සිටිමින්, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය හා ප්‍රශංසාව උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන ධර්මිෂ්ඨකමේ පලයෙන් ඔබ සපිරෙනු ඇත. සහෝදරයිනි, මට විඳින්නට සිදු වූ හැම දෙයක් ම ශුභාරංචියේ වර්ධනයට ඉවහල් වී ඇති වග ඔබට දන්වනු කැමැත්තෙමි. මෙසේ මා සිර-බැඳුම් ලැබ සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බව රාජකීය මුර සෙබළුන්ටත්, අන් හැමටත් පැහැදිලි වී ඇත. අප සහෝදරයින් වැඩි දෙනෙක්, මගේ මේ සිර-බැඳුම් නිසා දෙවියන්වහන්සේගේ වචනය වඩාත් එඩිතර ව, අභීත ව කතා කරන්නට ස්වාමින්වහන්සේ තුළ ධෛර්යය ලැබ සිටිති. ඇතමකු ඊර්ෂ්‍යාවෙන් ද තරඟයට ද සෙසු අය හොඳ අදහසින් ද ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන වග සැබෑවකි. පසුව කී අය එසේ කරන්නේ, මෙසේ මා සිරගත ව සිටින්නේ ශුභාරංචිය ගැන වග උත්තර කියන්නට බව දැන, ප්‍රේමයෙනි. එහෙත් පළමු කී අය ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන්නේ, මගේ මේ සිර-බැඳුම් වඩාත් කරදරකාරී කිරීමේ අදහසින්, ආත්මාර්ථකාමී අභිලාෂයෙනි; අවංක ව නො වේ.
පිලිප්පි 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: පිලිප්පි 1:3-17
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ