මන්ද ඔබගේ යාච්ඤා ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් දෙන ලද උපකාර ද නිසා, ඒ දෑ මගේ නිදහසට හේතු වන බැව් මා දන්නා බැවිනි. මගේ ජීවත් වීමෙන් වේවා, මරණයෙන් වේවා අන් හැම විට මෙන් දැනුත්, මගේ ශරීරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පමුණු වන පිණිස, කිසි සේත් ලජ්ජාවට පත්වීමේ හේතුවක් නො වී, හැම අයුරින් ම එඩිතර ව සිටීම මගේ දැඩි අපේක්ෂාවත්, බලාපොරොත්තුවත් ය. මට, ජීවත් වීම ක්‍රිස්තුස්වහන්සේ ය. මරණය මට ලාභයකි. තවදුරටත් මේ ශරීරයේ මගේ විසීම පලදායි සේවයකට හේතු වනු ඇත. එහෙත් මා තෝරා ගත යුත්තේ කුමක් ද? මා දන්නේ නැත. ඒ දෙක අතර දෙපැත්තට අදිනු ලබමි: මගේ ආශාව මේ ජීවිතයෙන් ඉවත් වී, ක්‍රිස්තුස්වහන්සේ සමඟ සිටීම ය. මන්ද එය බෙහෙවින් ම හොඳ ය. එහෙත් ඔබ උදෙසා වැඩි අවශ්‍යතාව, මේ ශරීරයේ මගේ රැඳී සිටීමයි. ඒ වග මට සහතික බැවින් මේ ජීවිතයේ ම රැඳෙමින්, ඔබගේ ඇදහිල්ලේ වර්ධනයත්, ප්‍රීතියත් උදෙසා මා ඔබ හැම අතර දිගට ම කටයුතු කරන වග මම දනිමි. මෙසේ, යළිත් මා ඔබ අතරට පැමිණීමෙන්, මා නිසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වඩා උදම් ඇනීමට හේතුවක් ඔබට ලැබේ.
පිලිප්පි 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: පිලිප්පි 1:19-26
3 Days
Joy is not just a privilege. It's a responsibility. Discover how you can choose joy and find purpose even in the middle of difficult days.
4 Days
Infinitum is a way of life centered on following Jesus by loving God and loving others by emphasizing the habits and disciplines of surrender, generosity, and mission. We aim to see the Bible and the world through these Jesus-colored lenses.
Known as “the epistle of joy,” Philippians is full of encouragement and hope. Although imprisoned in Rome, Paul rejoices at the gospel’s advancement. Philippians reminds us that joy is not dependent upon circumstances. Instead, joy is rooted in the reality that “He who began a good work in you will bring it to completion at the day of Jesus Christ” (Philippians 1:6).
This plan will explore what Paul’s letter to the Philippians can teach us in four different areas. 1) WHO GOD IS: God’s character and nature 2) WHO WE ARE: the identity of humanity and/or followers of Jesus 3) WHAT WE BELIEVE: core Christian doctrines 4) HOW WE LIVE: putting faith into action
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ