ඔබදියා 1:1-7

ඔබදියා 1:1-7 SCV

ඔබදියාගේ දර්ශනය ය; පරමාධිපති ස්වාමින්වහන්සේ ඒදොම් සම්බන්ධ ව මෙසේ පවසන සේක. ස්වාමින්වහන්සේ වෙතින් පණිවුඩයක් අපි අසා ඇත්තෙමු: “නැගිටින්න! අපි ඇයට එරෙහිව සටනට යමු” යි පවසන දූතයකු ජාතීන් වෙත යවනු ලැබී ය. මෙන්න, මම ජාතීන් අතරේ ඔබ කුඩා කරන්නෙමි. ඔබ සහමුලින් ම අවමානයට පත් කෙරෙනු ඇත. ඔබේ හදේ උඩඟුකම ඔබ මුළාකොට ඇත; පර්වත විවරවල ජීවත් වන උස් තැන් තම වාස භවන කර ගන්න ඔබ, “මා බිමට ගෙනෙන්නේ කවුරු දැ?” යි ඔබේ හද තුළ කීයෙහි ය. “ඔබ රාජාලියා සේ ඉහළ නැගුනත්, තාරකා අතරේ ඔබේ කැදැල්ල තැනුවත්, එතැනින් මම ඔබ පහළට ගෙනෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “සොරු ඔබ වෙත ආවෝ නම්! රාත්‍රියේ මංකොල්ලකරුවෝ ආවෝ නම්! අහෝ ඔබට සිදු වන්නට යන නාස්තියක මහත! ඔවුන් ඔබෙන් සොරා ගන්නේ, තමනට අවැසි තරම් පමණක් නො වේ ද? මිදි පල නෙළන්නෝ ඔබ වෙත පැමිණියෝ නම්, ඔවුහු මිදි ස්වල්පයක් හෝ ඉතිරි නො කරත් ද? අහෝ ඒසව් කොල්ලකනු ලැබ, ඔහුගේ ධන සම්පත් සොයා ගන්නා ලද හැටි! ඔබේ සියලු මිතුරු සේනාවෝ, දේශ සීමාව තෙක් පන්නා දැමිණ. ඔබ සමඟ සාමයෙන් සිටියෝ ඔබ රැවටූහ. ඔවුන් ඔබට එරෙහිව ජය පැන් බොති. ඔබේ ම රොටි බුදින්නෝ ඔබට උගුලක් අටවති. එහෙත් ඔබට දැනුමක් නැත.